කුසල් මෙන්ඩිස්ගෙන් දිගු ඉනිමක් ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට අවශ්‍යයි!

0
201
australia match plan
Loading...

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිත පස්වැනි තරගය (15දා) ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහෙත් වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වුවහොත් දෙපිලටම ප්‍රසාද ලකුණු බැගින් හිමි වන බැවින් එය කණ්ඩායම් දෙකටම අවාසියකි.

SL team

කෙසේ වෙතත් මේ දිනවල බ්‍රිස්ටල්වලට බල පැවැත්වෙන කාලගුණය අනුව බංගලාදේශය සමග තරගයටද වර්ෂාවෙන් බාධා ඇති විය මේ නිසා ප්‍රසාද ලකුනකින් සෑහීමකට පත්වීමට සිදුවිය. පෙරදා පැවැති පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ආබාධයකට ලක්වීම නිසා ඔහු මේ වන විට සුව වී ඇත ඔහු 15 තරගයට සහභාගිවනු ඇත. නොඑසේනම් ශ්‍රී ලංකා කණ්ඩායමට බලවත් පාඩුවකි. මන්ද, මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳින්ම පන්දු යවමින් සිටින්නේ නුවන් ප්‍රදීප් බැවිනි.

ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයේදීද කඩුලු 04ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේ ඔහුය. ‍යම් හෙයකින් ඔහුට ක්‍රිඩා නොකලහොත් ජීවන් මෙන්ඩිස්, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන සහ අවිශ්ක ප්‍රනාන්දු අතරින් කෙනෙකුට එම අවස්ථාව හිමි වේ. බොහෝ දුරට එම අවස්ථාව, අවිශ්ක ප්‍රනාන්දුට (යහපත් ශාරීරක සුවතාවයෙන් සිටින්නේ නම්) හිමිවනු ඇත. තවද ළහිරු තිරිමාන්න වෙනුවට අවිශ්ක කණ්ඩායමට කැඳවා, නුවන් වෙනුවට මිලින්ද හෝ ජීවන් කණ්ඩායමට කැඳවන්නටද හැකිය. එහෙත් බොහෝ දුරට ජීවන් සහ මිලින්ද අතරින් මිලින්දට අවස්ථාව හිමි වේවි.

Kusal mendis

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් මේ දක්වා යම් ප්‍රගතියක් පෙන්නුම් කළද, කුසල් පෙරේරා හා දිමුත් හැරෙන්නට සෙසු පිතිකරුවන්ට තවමත් සිය හැකියාවන් ප්‍රදර්ශනය කර නොමැත. මේ දක්වා පැවැති තරග දෙක තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 337ක් රැස් කර ගනු ලැබුවේ කඩුලු 20ක් ලබා දෙමිනි. එය කිසිසේත්ම සැහීමකට පත් විය හැකි තත්ත්වයක් නම් නොවේ. වර්තමානයේ බොහෝ කණ්ඩායම් කඩුලු තුන හතරකට රැස් කරන ලකුණු සංඛ්‍යාව තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කරන්නේ කඩුලු 20ක් පමණ ලබාදෙමිනි. එහෙයින් තරගාවලියේ තව තවත් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ඉදිරි තරග සියල්ලෙහිම සාර්ථක වන්නට සිදුවේ.

විශේෂයෙන්ම කුසල් මෙන්ඩිස් මේ දක්වා කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ වගකීම නිසි ලෙස ඉටු නොකළ බැවින් ඕස්ට්‍ර්‍රේලියාව හා තරගයේදී හෝ කණ්ඩායම ඔහුගෙන් දිගු ඉනිමක් අපේක්ෂා කරන්නේය. කුසල් මෙන්ඩිස් සාර්ථක වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කිසිසේත්ම අපහසුවක් වන්නේ නැත. මොකද කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට යාම සඳහා හැකියාව ඇති බැවිනි. කුසල් මෙන්ඩිස් මෙන්ම ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා සහ තිසර පෙරේරාද තවමත් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය නිසි ලෙස ලබාදීමට අසමත් වීම කණ්ඩායම අසර්ණවීමට තරම් බලවත්වේ. එහෙත් තම වගකීම් නිසි ලෙසින් ඉටු කිරීමට ඔවුන් වග බලාගත යුතුය.

Anjelo mathews

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පිට පිට තරග දෙකක් ජයගෙන ඔවුන් ජයග්‍රාහී ලීලාවෙනි. පරාජයට පත් වූ තරග‍යේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවන් මෙන්ම පන්දු යවන්නන්ද හොඳ සටනක් ලබා දුන්නේය.

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here