පළාතම කම්පා වූ, උපාධිධාරිනියගේ දුම්රියට සමුදීම…

0
604
Loading...

මොළ හදනවාද මොළ හෝදනවාද?

ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය තුලින් මොළ හදනවාද මොළ යන්න පිළිබඳව යලිත් වරක් සිතා බැලිය යුතු සිද්ධියක් (16) උතුම් ඇසල පොහෝදා මාතර පඹුරණ ප්‍රදේශයෙන් වාර්තා විය.

කෙසේ වෙතත් මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියට යට වී මරුමුවට පත් වූයේ උඩ අපරැක්ක පදිංචි 26 හැවිරිදි නිහිලුව ගමගේ සුරංගිකා නැමැති උගත් තරුණියකි.ඇය මීට දින කිහිපයකට පෙර රජරට විශ්ව විද්‍යාලයෙන් තම සමාජ විද්‍යා පිළිබඳ විශේෂ උපාධිය සමත්ව උපාධි ප්‍රදානෝත්සවයේ දී උපාධි සහතිකය ලබා ගෙන තිබුණි.ඉංග්‍රීසි භාෂාවට ද මනා දක්ෂතාවයක් දැක් වු ඉංග්‍රීසි ඩිප්ලෝමාව ද සම්පූර්ණ කර තිබුණි.

Loading...

අපරැක්ක මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මේ තරම් ඉහලට ගිය අපේ ගමේ චරිත ඇත්තේ අතේ ඇගිලි ගණනටය. ගමේ මල් කැකුළු ගමේම පරවී යන සංස්කෘතිය වෙනස් කර ඇය ඉන් එහාට ගොස් උපාධිධාරිනියක වූවාය. ඒ කිලෝ මීටර් පහ හයක් දුර නිවසේ සිට ප්‍රධාන පාරට පයින් ගෙවා නොවිදිනා දුකක් විදිමින්ය.

පැමිණී ගමන්ගම බොහොම දුක්බරය.මවට හෝ පියාට ස්ථිර රැකියාවක් නොමැත. පලා පාත්ති වල කුලී වැඩ කර උපයා ගත් මුදලින් ඇය ඇතුළු දරුවන් තිදෙනා රැක බලා ගත්තේ දැඩි ආර්ථික අපහසුතා මැද බව ගමේ ඕනෑම අයෙකු දනිති.

කෙසේ වෙතත් මව හා පියාගේ උත්සාහවන්ත භාවය නිසාම ඇය හා බාල සහෝදරයා දෙදෙනාටම සරසවි වරම් හිමිවිණි. බාල සහෝදරයා තවමත් සරසවි අධ්‍යාපනය ලබයි.

අනෙක් සහෝදරයා ආබාධිත තත්වයේ පසුවන අතර ඔහුද උත්සහවන්තයෙකි. එම නිසාම පරගහලග හංදියේ ජංගම දුරකතන අලුත් වැඩියා කිරිමේ වැඩපොලක් පවත්වා ගෙන යයි.

පවුලේ එකම ගැහැණු දරුවා වු සුරංගිකා දැනට වසර දෙකක පමණ කාලයක සිට වීරකැටියේ පදිංචි යුධ හමුදා සාජන්වරයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් තිබුණි. ඇයට ඇති ආදරය නිසාම පියා තරමක් විරුද්ධ වී ඊට කෑ ගසා තිබුණු බව කියති.

සාමාන්‍යයෙන් දෙමාපියන් තම දරුවන්ට බනින්නේ වෛරයකට තරහකට නොවන බව ඕනෑම කෙනෙකු දනිති. එහෙත් වත්මන් පරපුරේ රොබෝවරුන් වැනි දරු පරපුරට ඒ ආකාරයට අවවාදයක් අනුශාසනාවක් දිය නොහැකිය. ගුරුවරයකුටද එය කල නොහැකිය. එසේ කීවත් ඔවුන් ගණන් ගන්නේ ද නැත.

කෙසේ නමුදු ගෙදරදී ඇතිවු සුලු ප්‍රශ්නයත් සමග ඇය පෙම්වතාට ද ඒ බව දුරකතනයෙන් දන්වා තිබුණි.ඇය කැදවා ගෙන යන ලෙසට ද ඔහුට කියා තිබුණි.

ඊයේ උදෑසන හිතේ තරහින් නිවසින් සුරංගි පිටත් වූවාය.අතරමග දීද පෙම්වතා සමග දුරකතනයෙන් කතා බහ කර තිබුණාය.පෙම්වතා ද ඇය හමුවීමට මාතරට එමින් සිටියේය.

සවස 4.00 පමණ වන විට සියල්ල සිදු වී හමාරය. දුම්රියට යට වු සුරංගිකාගේ නිසල දේහය පාර අයිනේ වැටී තිබුණාය.ඇගේ අත් බෑගයේ උපාධි සහතිකය ද විය. ජංගම දුරකතනයට ප්‍රතිචාර නොදක්වන විට පෙම්වතාගේ හිතට ද යම් බයක් ඇති වී තිබුණි. අවසානයේ ඊට ප්‍රතිචාර දැක්වූයේ දුම්රිය ස්ටේෂන් මාස්ටර්ය. ඒ වන විට සියල්ල විසදී තිබුණි.

එහෙත් වසර 26 ක් අනේක විධ දුක් කම්කටොලු විද ඇය හදා වඩා ගත් දෙමාපියන්ට කදුලු ගංගාවක් අවසානයේ ඉතිරි විය. මුලු පවුලම දුකෙන් එතෙර කර ගැනීම සදහා අවසන් කඩඉමත් පසු කල සිටි සුරංගි සියලු දෙනා හඩවා සදහටම දෙනෙත් පියා ගෙන තිබුණි.

ඒ තරම් සුලු දෙයකට මේ තරම් ඉහලට ඉගෙනගත් තරුණියකට මෙවැනි විපතක් සිදු කර ගත හැකිද ?තම දෙමාපියන් සහෝදරයන් විදින දුක දැක දැක ඔවුන් ද ගලවා ගැනීමට සිටි ඇයට මෙවැනි දෙයකට සිත යොමු වූයේ කෙසේද?

පසුගියදා මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලකර ගෙන මිය ගියේ ද මේ ආකාරයට ඉහලට ඉගෙන ගත් අයය. එබැවින් අපේ රටේ අධ්‍යාපනයේ කොහේ හෝ ලොකු වරදක් සිදු වී තිබෙන්නේය.අධ්‍යාපනය මොල හදනවාට වඩා මොල සෝදන දේ සිදු කරනනේ ද?

සමහරු කියයි. මෝඩ කෙල්ලෙක්. කියා. තවත් අය කියයි ගෙනාපු ආයුෂ ටික ඉවරයි කියා. තවත් සමහරු කියයි කරුමය තමයි කියා. නමුත් මට නම් සිතෙන්නෙම අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු හිදැසක් තිබෙන බවයි.

ජීවිතයේ මීට වඩා ලොකු ප්‍රශ්න වලට මුහුණ දී ඉදිරියටම ආ ඇය සුලු ප්‍රශ්නයට මුහුණ දුන් ආකාරය හරිම ඛේදජනකය.එබැවින් මෙවැනි දේ සිදු නොවන පරිදි අපි අපේ දරුවන් හදා ගත යුතු නොවන්නේ ද?

හෙට දින මේ ලෝකයේ ඉහල තැනකට යාමට සිටි ආදරණීය නැගණියනි මින් මතු ආත්මයක මෙවැනි විපතක් සිදු නොවේවා…ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

උපුටා ගැනීම(Source) – සමාජ මාධ්‍ය ජාලා තුලිනි.(Social Media)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here