අනුර කුමාරට එල්ල වු අභියෝගය

    0
    185
    Loading...

    කුමන ප්‍රකාශයක් සිදු කළත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.

    මීගමුව දලුපොත ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සංවිධායකවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

    Loading...

    ජනපතිවරණය අවසන් වනතුරු ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කටයුතු කරන ලෙස තමන් අනුර කුමාර දිසානායක මහතාට අභියෝග කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසිය.

    වසර 20කට පසුව ජනතා විමුක්ති පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් වීම ගැන තමා ඉතාමත් සන්තෝෂ වෙන බවද පැවසු ඒ මහතා, නාම යෝජනා කැඳවීම දක්වා හෝ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස අනුර කුමාර මහතාට රැඳී සිටීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.

    ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දෙස බැලීමේ දී ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් පත් පසුව වෙනත් කණ්ඩායමක් සමඟ එකතු වීම සිදු කර ඇතැයි ද පැවසු නිමල් ලාන්සා මහතා, 2015 යහපාලන ආණ්ඩුව ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ ද වැඩ කළ බව පැවසීය.

    එදා මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 58 ලබා ගත් බවත්, ජනතා විමුක්ති පෙරමුණ වෙනම ඉදිරිපත් වීමේ දී ලක්ෂ 2 හමාරක් ඡන්ද ලබා ගන්නේ නම්, පැහැදිලි ලෙසම ගෝඨාභය රාජපක්ෂ මහතා, ලක්ෂ 15 ට එහා ඡන්දවලින් ජයග්‍රහණය කරන බවද නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    මේ බව ජනතා විමුක්ති පෙරමුණ දන්නා කරුණක් බවත්, එදා යහපාලන ආණ්ඩුවට ලැබුණ ඡන්දය ලක්ෂ 2 හමාරක් පමණ කඩා දැමුවොත් නිසැකයෙන්ම පොහොට්ටුවට ජයග්‍රහණය හිමි වන බවත් පැවසු ඒ මහතා, මේ කරුණු මත නිසැකයෙන්ම කල් යද්දි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරයෙක් පත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ඇතැයි ද පැවසීය.

    එනිසා ජනාධිපතිවරණය අවසන් වන තුරු අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා සිටින්නැයි තමා පැහැදිලි අභියෝගයක් කරන බවද නිමල් ලාන්සා මහතා මෙහිදී කියා සිටියේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here