ලංකාවට වඩා ක්‍රිකට් ආයතනය ගැන ඉන්දියාව දන්නේ කොහොමද?

0
355
slc
Loading...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තව මාස 9ක් වැනි කෙටි කාලයක් ඇතුලත බංකොලොත් වන බවට ප සමාජ මාධ්‍ය හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පැතිර ගිය පුවත් හී කිසිදු සත්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා මාධය අමතා සදහන් කලේය.

ඉන්දියාවේ නිල නොවන මාධයක් මගින් ප්‍රචාරය කර්න ලද මෙම පුවත මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ ද උණු කැවුම් මෙන් වේගයෙන් පැතිර ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එහි නිළධාරීන් මෙම පුවත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලදී තවද එය ශ්‍රී ලංකා ක්‍රිකට් නාමය හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් කරන ලද ප්‍රකාශයක් බව පවසා ඇත.

Loading...

මෙම සිදුවීමේන් පසු එහි විනිවිදභාවය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්, පාර්ශවකරුවන් හා විධායක කමිටුවේ සාමාජිකයන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වීමට ප්‍රවේශ පත්‍ර මිල දී ගත් බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියේය. කෙසේනමුත් කුසලානය සඳහා සහභාගි වීමට නියමිත නිලධාරීන් තම පෞද්ගලික වියදමින් තරගාවලියට සහභාගී වන බවත්, විධායක කමිටුවේ නිළ්ධාරීන් හට ඔවුන්ගේ වියදම සඳහා අනුග්‍රාහකයන් විසින් ගුවන් ටිකට්පත් ලබා දුන් බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පවසා සිටියේ” මට වගකීමෙන් කියන්න පුළුවන් අපිට කිසිදු මූල්‍යමය අර්බුදයක් නෑ. මම හා මගේ සියලුම කමිටු සාමාජිකයන් පසුගිය මාස තුන හමාරක කාලය තුල සම්පූර්ණ විනිවිදභාවයකින් යුතුව සෑම ගිණුම් කටයුත්තක්ම කරලා තියනවා.

ඇත්තෙන්ම 2019 පෙබරවාරි මාසයේ දී අපි නැවත පත්වී කමිටුවට එන විට මූල්‍යමය තත්වය එතරම් හොඳට තිබුණේ නෑ. මේ වන විට අපි මූල්ම්‍ය තත්වය අපී ස්ථාවරව තබාගෙන සංවර්ධන කාර්‍යයන් හා අනෙකුත් වියදම් නිසියාකාරව පාලනය කරනවා,. මට සහතික වෙන්න පුළුවන් අපිට කිසිම මූල්‍යමය අර්බුදයක් නෑ. මේ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අපිව හා අපේ කණ්ඩායම අධෛර්යමත් කරන්න දරන උත්සාහයන්.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිම වෙලාවක බංකොලොත් වෙන්නේ නෑ”. අපි පසුගිය වසරේ මුල්‍යම තත්වයත් එක්ක බැලුවම තරමක ආදායමේ අඩුවක් තියනවා ඒත් බංකොලොත් වෙන්නතරම් එය අසතුටුදායක නෑ. අපේ කමිටුව හැමවෙලේම ආයතනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. මේ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්ත්‍යයි“ ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

“මගේ දැනුමට අනුව කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මූල්‍යමය ගැටලුවක් නෑ. නිරන්තරයෙන් පැවැත්වෙන කළමනාකරණ කමිටු රැස්වීම්වල දී මම ඉදිරිපත් කරන වාර්තාව මගින් අපේ වියදම් සියල්ල විනිවිදභාවයකින් හා විධිමත් ගිණුම්කරණයකට ලක්වෙනවා. ඒක වැරදියට ප්‍රසිද්ධ කිරීම කණගාටුදායකයි.” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත් බවට සමාජ හා ඩිජිටල් මාධ්‍ය පුරා පැතිර යන පුවත් ප්‍රතික්ෂේප කරන අතරම ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට හා සියලු පාර්ශවකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මූල්‍යමය වශයෙන් ස්ථාවර බව එම ආයතනය පවසා සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයන් හා එම අනුග්‍රහයන් ගැන පැතිර යන පුවත් ද අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් දැනුම්දී ඇත. මෙලෙස අසත්‍ය පුවත් ප්‍රචාරය කරන ඕනෑම පුද්ගලයෙක් පිළිබද නීතිමය පියවර ගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here