ක්‍රිකට් අගාධයට යාමට හේතුව මුරලි පහදයි

0
339
muttiah
Loading...

මුරලි යනු ලෝකය පුරාම ආදරය දිනාගත් ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ ආදරය දිනු වැඩිම කඩුලු ප්‍රමාණයකට එක්දින හා ටෙස්ට් හිමිකන් කියන් ශ්‍රි ලංකාවෙන් බිහි වූ විශිෂ්ට ක්‍රිඩකයෙකි.

muttiah muralitharan

ඔහු විසින් පසුගිය දා මාධය වෙත අදහස් දක්වමින් වර්තමානයේ ක්‍රිකට් ක්‍රිඩාව හා ක්‍රිඩකයන්ද වානිජකරනය වී ඇති අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවද අභාවයට යමින් පවතින බව මුරලි විසින් පවසන ලදි.

Loading...

චෙන්නායිහිදී මුරලි විසින් ඉන්දීය මාධය වෙත අදහස් දක්වන මුරලි කියා තිබුනේ ලංකාවේ පිතිකරුවන් පහරදීමේදී ආරක්ෂිත ක්‍රම සහ විධි තාක්ෂණය අමතක වී ඇති බවයි. ඔවුන් පන්දුවට පහරදෙන්නම් වාලේ පහර දෙන නිසා ඔවුන් මෙසේ අසාර්ථක වී ඇති බව මුරලි තව දුරටත් අදහස් පල කලේය.

muttiah muralitharan

මෙහිදී මුරලි ජාත්‍යන්තර තලයේ කණ්ඩායම් වල ක්‍රිකට් ක්‍රිඩකයන් රැසක් පිළිබදව අදහස් දැක්වු අතර විරාට් කෝලි පිලිබදව දැක්වූයේ මෙවැනි අදහසකි. විරාට් කෝලි මේ වන විට උපරිම තලයේ දස්කම් දක්වන පිතිකරුවෙක් ඔහුට තවත් හොද ගමනක් ඉදිරියට තියෙනවා,

වයස දාවුරුදු 29 ත් 39 ත් අතර ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තමන්ගේ උපරිමයෙන් ක්‍රිඩා කරන්න පුලුවන් නමුත් එම වයස් සීමාවෙන් පසුව කුසලතාවයට ගැලපෙන පරිදි ශරීරය ප්‍රතචාර දක්වන්නේ නෑ මේ නිසා මේ කාලයේදී ඕනෑම ක්‍රිඩකයෙක් තමාගේ උපරිම දක්ෂතා දැක්වීමට උනන්දු විය යුතුයි.

ඇන්ජලෝ මැතිව්ස් අතිදක්ෂ තුන් ඉරියව් ක්‍රිඩකයෙක් නමුත් ඔහු සෑම විටම ආබාධවලට ලක් වී විවේකීව ගතකිරීමට සිදුවීම කණ්ඩායමටත් යම්හෙයකින් බලපෑව බව ඔහු කියා සිටියේය.

muttiah muralitharan

ශ්‍රි ලංකා ක්‍රිකට් අද මුහුන දෙන තත්වයට ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ පාසල් ක්‍රිකට් බිදවැටීමයි කොළඹ පාසල් වලට පමණක් ක්‍රිකට් සීමා වීම ගම් වල සිටින අතිදක්ෂ ක්‍රිඩකයන්ට අවස්ථාව ගිලිහී යාම මෙයට ප්‍රදානම හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here