මලේගොඩ නන්ද නාහිමියන් ගෝඨාභයට පැවසූ අමුතු කතාව

    0
    122
    Loading...

    රාජ්‍ය නායකයෙක් තුළ තිබිය යුතු ඉවසීම ගෝඨාභය රාජපක්ෂ මහතා තුළ මනාව පිහිටා ඇති බව බෙන්තර වලල්ලාවිට කෝරළය ප්‍රධාන සංඝනායක පූජ්‍ය මලේගොඩ නන්ද නාහිමියන් පවසයි.

    උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා අලුත්ගම ඵෙතිහාසික කන්දේවිහාරයට පැමිණි අවස්ථාවේදීය.

    Loading...

    එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් උන් වහන්සේ කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තනි තීරණයන්ට එළඹෙන්නෙක් නොවන අතර සංඝරත්නය ඇතුළු සියල්ලන් සමඟ සාකච්ඡා කර තීරණවලට එළඹෙන අයෙකු බවයි.

    රාජ්‍ය නායකයෙකු තුළ නිරතුරුවම ඉවසීම තිබිය යුතු අතර නිතර පොත පත කියවමින් බුද්ධිමත්ව කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සොක්‍රටීස් පඬිතුමා වැනි අයෙකු බව ද උන්වහන්සේ පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දවස පුරා දකුණු පළාතේ ස්ථාන රැසක සංචාරය කළේය.

    ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේ ගාල්ල සීනිගම දේවාලයටයි.

    එහිදී ප්‍රදේශවාසීන්ගෙන් ඒ මහතාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණි.

    අනතුරුව අම්බලන්ගොඩ නගරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණි.

    ඉන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිස අලුත්ගම ඵෙතිහාසික කන්දේවිහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණි.

    එහිදීද රැස්ව සිටි පිරිසගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවුයේ උණුසුම් පිළිගැනීමකි. 

    අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ලෙච්චිමලේ මුස්ලිම් පල්ලිය වෙත පැමිණි අතර මුස්ලිම් ප්‍රජාව ඒ මහතාව උණුසුම් අයුරින් පිළිගනු ලැබූවේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here