ෆොන් එක දීල බෙසම් ගන්න ඉදපු අයට සුභ ආරංචියක්!

0
755
huawei new
Loading...

හුවාවි නොසැලෙයි

පසුගියදා ලෝක බලවතා ඇමරිකාව විසින් ලොව වැඩිම දුර්කත අලෙවි නියෝජිතයා වන හුවාවි සමගමට සම්බාධක පනවන ලදි එනම් ඇමරිකාවෙන් ලබා දෙන සියලුම දුරකථන මෙහෙයුම් පද්ධති පහසුකම් “ඇන්ඩ්‍රොයිඩ්” හා සේවාවන් සදහා ලබා දී තිබු කොන්ත්‍රාත්තු අවලංගු කිරීමයි. එනම් ඇමරිකන් සමාගම් මගින් කිසිදු සේවාවක් රජයේ අනුදැමකින් තොරව හුවාවෙයි සමාගමට නැවත ලබා ගැනීමට නොහැකි වීමයි.

  • ගූගල් මැප්
  • ප්ලේ ස්ටොර්

වැනී ගූගල් සමාගමෙන් ලබා දුන් සියලු සෙවාවන් මේ අනුව ඇන හිටී. නමුත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සිතැගි පරිදි භාවිතා කල හැකි මෙහෙයුම් පද්ධති බැවින් හුවාවි භාවිතය සදහා හුවාවි සමාගම වැඩි දියුනු කරන ලද මෙහෙයුම් පද්ධතියක් හදුන්වා දීමට ලහි ලහියේ කටයුතු කරමින් සිටී. ලෝක වෙළෙඳපොළ තුළ දැනට පවතින හුවාවි ජංගම දුරකතන සඳහා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිය සහාය ලබාදෙන බව හුවාවි සමාගම සහතික වෙයි.

Loading...

ලොව පුරා පාරිභෝගිකයන් දැනට භාවිත කරන සහ විකිණීමට සූදානම් කර ඇති සියලුම හුවාවි ජංගම දුරකතන සහ ටැබ් සඳහා සියලු ආරක්ෂක පද්ධති යාවත්කාලීන කිරීම් සියලුම ඇප් සදහා යාවත්කාලීන කරවීමේ යාන්ත්‍රණය සහ අලෙවියන් පසු සේවා අඛණ්ඩව ඉදිරියටත් ලබාදෙන බව ද එම හුවාවි සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම ගැටලුව විසදාගැනීම සඳහා ස්ථිරසාර මෘදුකාංගයක් නිර්මාණය කිරීමටද හුවාවි සමාගම කටයුතු කරමින් සිටින බව හුවාවි සමාගම විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here