Loading...
හරීන් ප්‍රනාන්දු මහතා සිදු කල ප්‍රකාශය බලන්න මෙතනින් යන්න
එළඹෙන බංගලාදේශ තරගාවලියෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක් ඔවුන් මුණ ගැසීමට වේලාවන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. මේ පිරිස අතර, 96 ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ ක්රීඩකයෝද සිටින බව පැවසේ.
Loading...
ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයේ පළමු වටයෙන්ම එළියට විසිවීමට සියලු පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිව යුතු බවයි.
හතුරු ගෙනඒමට අනුමැතිය ලබාදුන්නේද ලෝක කුසලානයට යැවූ කණ්ඩායම සඳහා අනුමැතිය ලබාදුන්නේද ක්‍රීඩා ඇමතිවරයා බවද අදාළ පිරිස චෝදනා කරමින් මේවන විට ලිපි දෙකක් ජනපති හා අගමැති වෙත යොමුකර ඇති බව පැවසේ.