රත්‍රං මිල පහළ බසී

    1
    745

    ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ගණනන් කැපී පෙ‍නෙන ලෙස අඩුවී තිබේ.

    පසුගිය මාස 6 තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 89 කින් පහළ ගොස් ඇතැයි වෙළෙඳෙපොළ දත්තවල සඳහන් ය.

    2012 වසරේදී ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩෙලර් 1800 ක් දක්වා ඉහළ ගියා.

    එය 2013 වසරේ මැද වන විට අමෙරිකානු ඩොලර් 1200 ක් දක්වා පහළ වැටිණ.

    මේ වසරේ මුල් මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 1400 ක් දක්වා යළි ඉහළ ගිය ද පසුගිය මාසයේ පමණක් එය අමෙරිකානු ඩොලර්  55 කින් පහළ ගියේ ය.

    ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල පහළ යාමට සාපෙක්ෂව මෙරට වෙළඳපොළේ රත්‍රං මිල ගණනන් ද පහළ ගොස් තිබේ.

    පසුගිය වසරේ රුපියල් 58,000ක් වූ කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රුපියල් 45 ,000 ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය පැවසී ය

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here