ටියුෂන් පංතියේ ගින්න

    0
    319
    අද උදෑසන ටියුෂන් පංතියේ ගින්න;අයිතිකරු අත්අඩංගුවේ.

    ‘ගුජරාට්’ ප්‍රාන්තයේ ‘සුරාට්’ (Surat ) නගරයේ පෞද්ගලික පන්ති පැවැත්වෙන පාසලක ඇති වූ ගින්නකින් සිසුන් දහස දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය නිලධාරීහු පවසති.

    කවුළු අතරින් ගන කළු දුමාරය පැතිර යමින් තිබියදී උපකාරක පන්තියේ සිසුන් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන ගැනීමට තැත් කරද්දී ඔවුන් බිමට වැටෙන ආකාරය දක්නට ලැබුණ බව ඉන්දීය වාර්තා මගින් පැවසෙයි.

    ගින්නට ගොදුරු වූ වැඩිදෙනා යොවුන් වියෙහි පසුවූ සිසුහු වෙති.

    එම ගින්න හට ගැනීමට නියත හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.

    එහෙත් ගින්නට හේතුව වායුසමීකරණ පද්ධතියේ විදුලිය කාන්දුවක් විය හැකි බවට විශ්වාසයක් පළ වෙමින් ඇතැයි ඉන්දීය නිලධාරීහු පවසති.

    පෞද්ගලික පාසල් ගොඩනැගිල්ලේ වහල ගින්නක් ඉක්මණින් පැතිර යා හැකි ද්‍රව්‍යවලින් නිමවා තිබුණ අතර එබැවින් ළමුන්ගෙන් පිරී තිබුණ පන්ති කාමර පුරා එම ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති බවත් ඉන්දීය නිලධාරීහු පවසති.

    ගින්නට ගොදුරුව බරපතල ලෙස පිළිස්සුන සිසුන් විසිදෙනකුවත් ගුජරාට් ප්‍රාන්තයේ රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇත.

    “පන්තිකාමර තුළ සිටිය සිසුන් ගින්නෙන් පිලිස්සීමෙනුත්, තවත් අය ගොඩනැගිල්ලෙන් පැනීමේදී වැටීමෙනුත් ජීවිතක්ෂයට පත් වුණා” ගුජරාට් ප්‍රාන්තයේ ගිනි නිවන හමුදාවේ දීපක් සප්තලේ AFP පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කළේය.


    පෙබරවාරි මාසයේ දිල්ලි නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් දාහත් දෙනකු මරණයට පත්විය.

    එම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කරමින් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මෙසේ සඳහන් කරයි.

    “සුරාට් නගරයේ ඇති වූ ඛේදවාචකය ගන ඉතාම කනගාටුයි. මම විපතට පත් අයගේ පවුල් සමග මේ ශෝකය බෙදා ගැනීමට එකතු වෙනවා. පිලිස්සී ජීවිත බේරුණ සිසුන් ඉක්මනින් සුවපත් වේවි. මෙම විපතට ගොදුරු වූ අයට උදව් වෙන මෙන් ගුජරාට් ප්‍රාන්ත ආණ්ඩුවට සහ ප්‍රදේශයේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා”

    එසේම විපතට පත් අයට උදව්වෙන මෙන් අගමැතිවරයා ඉල්ලීමක් ද කරයි.

    ‘සුරාට්’ පාසල් ගින්න සම්බන්ධයෙන් පරීක්ෂා කොට දවස් තුනක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස නියෝග කරනු ලැබ ඇතැයි ගුජරාටයේ මහඇමති විජේ රූපානි ගේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

    ඉන්දියාවෙන් නිතරම මෙවැනි ගිනි ගැනීම් පිළිබඳව වාර්තා වෙන අතර පසුගිය පෙබරවාරි මාසයේ දිල්ලි නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් දාහත් දෙනකු මරණයට පත්විය.

    පෞද්ගලික උපකාරක පංතියේ එක අයිතිකරුවකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here