ලෝකයේ ලොකුම මෝරා නැවතත් මුහුදෙන් මතුවෙයි.

0
23

කළු තල්මසා හා කිරි තල්මසා වගේම යෝධ සුදු මෝරාද* මුහුදු ජීවින්ගේ ආහාර දාමයේ අවසාන පුරුකයි. මෝරුන්ගේ පවුලේ සිටින සුපිරි බලවතා මේ සුදු මෝරාය. ඌ මාළු, ඩොල්ෆින් ඇතුළු ඕනෑම දෙයක් ආහාරයට ගනියි. වෙනත් මෝරුන්ව පවා ගිල දමයි. එහෙත් ඌ තරබාරු වී වයසට ගොස් වේගයෙන් පීනා යා නොහැකි තත්වයට පත් වූ විට, සීල් මත්ස්‍යයන්, පෙන්ගුවින් හා මළ කුණු, විශේෂයෙන්ම මිය ගිය තල්මසුන්ගේ මාංශ ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.තමන්ගේ ආහාර වේල සොයාගැනීමේදී, මෝරුන් හුඟදෙනෙකු උන් සතු තියුණු දෘෂ්ටි හැකියාව ඇතුළු උන්ගේ සියලුම ඉන්ද්‍රීය ශක්තීන් යොදාගනියි.

උන්ගේ ආඝ්‍රාණ හැකියාව ඉතාමත් තියුණුයි. ඒ විතරක් නොවෙයි, උන්ගේ කන්වලට ඉතා සියුම් හඬක් පවා ඇසෙයි.ඌගේ කන්වලට සියුම් ශබ්ද පවා ඇසෙන්නේ පීඩන සංවේදී සෛල ඌගේ සිරුර දිගේ පිහිටා තිබෙන නිසයි. ඌගේ කනට නොවැටෙන කිසිවක් නැත. උදාහරණයක් හැටියට, මාළුවෙකු යම් උලකට හසු වී දඟලන විට, නිකුත් වන කම්පනය දුර සිටම හඳුනාගැනීමේ හැකියාව ඌට තිබේ. මේ නිසා උල් ආයුධයක් වැනි යමක් පාවිච්චි කරමින් ජලය යට කිමිදී මසුන් මරන්නෙකු, තමාගේ උලට හසු වූ ලේ ගලමින් දඟලන මාළුවෙකුව හැකි විගස ගොඩට ගෙන ඒම නුවණට හුරුයි.

මෝරුන්ට දැනීමේ හයවන ඉන්ද්‍රියක්ද තිබේ. ලොරෙන්සිනී කුම්භිකාව කියා හඳුන්වන ඉතා කුඩා සංවේදක නාල උන්ගේ නාසය වටේ තැනින් තැන පිහිටා ඇත. එනිසා තවත් සතෙකුගේ හෘද ස්පන්දනය, කරමල්වල හා මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය මගින් නික්මෙන දුර්වල විද්‍යුත් ධාරා පවා නිකුත් වන ස්ථානය ඌට සොයාගත හැකියි. ඇත්තෙන්ම, මෙම හයවන දැනීමේ ඉන්ද්‍රීය ශක්තිය මොනතරම් තියුණුද කියනවා නම්, පොළොවේ චුම්බක ක්ෂේත්‍රය මගින් සාගරය කෙරෙහි ඇති කරන බලපෑම පවා මෝරුන්ට දැනිය හැකියයි සමහරු විශ්වාස කරති. මේ නිසා, උතුරු දිශාව කුමක්ද දකුණු දිශාව කුමක්ද කියා දැනගැනීමේ හැකියාව පවා උන්ට තිබිය හැකියි.

සුදු මෝරාව හඳුනාගැනීමයෝධ සුදු මෝරා කියා ඌව හැඳින්වුවත්, සුදු පැහැයක් හෝ සුදුමැලි පෙනුමක් ගන්නේ ඌගේ බඩ පෙදෙස පමණයි. සාමාන්‍යයෙන් ඌගේ පිට පැත්ත අළු පැහැයෙන් යුත් අඳුරු පෙනුමක් ගනියි. මේ වර්ණ දෙක මේ මාළුවාගේ සිරුර දිගේ හරි කෙළින් පිහිටා නොමැති රේඛාවකින් වෙන් වී තිබේ. මෙම රේඛාව එක සුදු මෝරෙකුගෙන් තවත් එකෙකුට වෙනස් වන නිසා විවිධ සුදු මෝරුන්ව වෙන් කර හඳුනාගැනීමට එම ලක්ෂණය විද්‍යාඥයන්ට උපකාරවත් වෙයි.සුදු මෝරුන් කොතරම් විශාලද? “හරියටම දිග ප්‍රමාණය මැන තිබෙන විශාලතම සුදු මෝරුන් අඩි 19ත් 21ත් අතර දිගකින් යුක්තයි” කියා යෝධ සුදු මෝරා (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ සඳහන් වේ. මේ ප්‍රමාණයේ දිගකින් යුත් මෝරෙකුගේ බර කිලෝග්‍රෑම් 2,000කට වඩා වැඩි විය හැකියි.

බොහෝවිට මෙතරම් බරකින් යුක්ත වූවත්, මුහුදු මිසයිලයක් බඳු උන්ගේ විශාල සිරුරේ පිහිටි පිටුපස දෙසට නැමී තිබෙන ත්‍රිකෝණාකාර වරල්වල ආධාරයෙන් මේ දැවැන්ත යෝධයන් මිසයිල වගේ ජලය කපාගෙන වේගයෙන් ඇදී යයි. උන්ට විශාල ශක්තියක් ලබා දෙන උන්ගේ වල්ගය බොහෝදුරට සමමිතික හැඩයෙන් යුක්තයි. සමමිතික හැඩයෙන් යුත් වල්ගයක් තිබෙන්නේ සුදු මෝරුන්ට පමණක් වන අතර, මෝරුන්ගේ පවුලට අයත් සෙසු මත්ස්‍යයන්ට තිබෙන්නේ පැහැදිලිව හඳුනාගත හැකි අසමමිතික හැඩයෙන් යුත් වල්ගයකි.සුදු මෝරුන්ට බිහිසුණු පෙනුමක් ලබා දෙමින් ඔවුන්ව වෙනත් මෝරුන්ගෙන් වෙන් කර දක්වන විශේෂ ලක්ෂණ අතර, කේතුවක හැඩය ගන්න විශාල හිස, රෞද්‍ර පෙනුමක් ගන්න කළු පැහැති ඇස්, ඌගේ මුඛයේ පිහිටි ත්‍රිකෝණාකාර මුවහත් උල් දත් දැකිය හැක. උන්ගේ මේ දෙපැත්ත කැපෙන “පිහි” කැඩුණු විට හෝ වැටුණු විට, හරියට දැති සහිත කරකැවෙන පටියක දැති ඉදිරියට තල්ලු වෙන්නාක් මෙන් තවත් දතක් එතැනට හිමිහිට තල්ලු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here