පුතු සෙනෙහසට අවිශ්කගේ පිය හදවත උණු වෙයි..

    0
    107
    awishka-frenando-dad

    බංග්ලාදේශයට එරෙහිව ඉතා විශිෂ්ටව අර්ධ ශතකයක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු පිටිය පුරා දිගට හරහට පන්දුවට පහර දෙද්දී ඔහුගේ පියාණන් වූ කොලින් ප්‍රනාන්දු මහතා එය නරඹමින් සිටියදී හදිසියේම හෘදයාබාධයකට ලක්වී රෝහල්ගත කරනු ලැබුවා .

    කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විශේෂ අමුත්තන්ගේ කාමරයේ සිටි කොලින් මහතා තම පුත්‍රයාගේ දක්ෂතා දැක ඉමහත් සතුටුන් කාලය ගතකරමින් පසුවුනේය. තරගයේදී ලකුණු 82ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 77ක් ලබා සිටියදී මේ සිදුවීම විශේෂ අමුත්තන්ගේ ප්‍රේක්ෂකාගාරයේදී සිදුවූ අතර ඒ අසල ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද රැදී සිටියේය.

    කොලින් ප්‍රනාන්දු මහතා ඒ මොහොතේම ගිලන් රථයක් ආධාරයෙන් රෝහල්ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු පියවර ගත්හ. අවිශ්ක ප්‍රනාන්දු අපට පැවසුවේ මෙය ඔහු දැනගත්තේ ගොඩ වෙලාවකට පසුව බවයි.මෙන්න ඔහුගේ එම වීඩියෝව.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here