අපිට ලැබුන තණතිලි ගැන මටත් සැකයි. අර්ජුණ රණතුංග කියයි.

0
273
Loading...

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අයි, සී ,සී යෙන් ඉල්ලා සිටීම වැදගත් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා 1996 ලෝක කුඅසලාන් කණ්ඩායම් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

මාධ්‍ය ආයතනයක මාධ්‍ය සාකච්ජාවකට එක් වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ එංගලන්තයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් සියලුම තණතිලිවල ස්වභාවය ගැන තමන්ටද විශාල සැකයක් ඇති බවයි.

එහෙත් වත්මන් අයි. සී. සීය හා ශ්‍රි ලංකා ක්‍රිකට් පරිපාලනය ඒ කිසිවක් කථා නොකර සිය මුනිවත රකිනු ඇතැයිද අර්ජුන රණතුංග මහතා තවදුරටත් අවධාරණය කළේය.

“ක්‍රිකට් ක්‍රිඩාව අවිනිශ්චිතයි දිනනවා පරදිනවා. ඒක සාමාන්‍යයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රශ්න විශාල ප්‍රමානයක් තියෙනවා විසදන්න. පසුගිය දා අසන්ත ද මෙල් මහතා තණතිලි ගැන කරපු චෝදනාව ගැන මමත් සිතා බැලුවා. ශ්‍රී ලංකාවට පැවැත්වූ තරග සදහා තණතිලි ලබා දීමේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද කියලා මමත් හොයනවා. මම නම් අයි. සී. සී යට කියන්නේ ඒ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්න කියලා.”

“නමුත් එවැනි දැඩි ඉල්ලීමකට හා ක්‍රියාමාර්ගයකට යන්න කි‍්‍රකට් පරිපාලනයේ අද පාලනයේ ඉන්න අයට කි‍්‍රකට් දැනුම තියෙනවද කියලා මට සැකයක් තියෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් වෙලා හරි මේ ගැන ලෝක ක්‍රිකට් කවුන්සිලයට පැහැදිලි කරලා සාධාරණ පරීක්ෂණයක් ඉල්ලිය යුතුයි.”

Loading...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here