අකුරැස්ස පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීමක්

0
274
police
Loading...

අකුරැස්ස පොලිස් ස්ථානයේ යතුරු පැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරු පැදියකින් ගමන් කළ තිදෙනෙකු වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

තිබ්බටුවාව හන්දියේ රාජකාරී යෙදී සිටියදි අංක තහඩු නොමැති යතුරු පැදියක තිදෙනෙකු ගමන් කර තිබේ.එම යතුරුපැදිය නවත්වන ලෙස සංඥා කළත් යතුරු පැදිය නොනවත්වා ධාවනය කර තිබේ. පසුව පොලිස් නිලධාරීන් දෙදෙනාද එම යතුරු පැදිය ලුහු බැඳ තිබේ.

Loading...

යතුරු පැදියේ මැද සිටි පුද්ගලයා පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමක් සිදුකර තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා අකුරැස්ස රෝහලට ඇතුළත් කර තිබේ.පසුව ඔවුන් වැඩිදුර ප්‍රථිකාර සඳහා මාතර රෝහලට මාරු කර තිබේ. වෙඩි තැබීමෙන් පොලිස් යතුරු පැදියටද හානි සිදුව තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අකුරැස්ස පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Source – ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here