ඕවරයක් තුල පන්දු 14ක් යොමු කර තරගයේ කඩුලු හයක් දවාගත් පන්දු යවන්නා?

0
301
14 balls

පන්දු දාහතරක් යොමු කර ඕවරය සපුරාගත් ඔහු අද ලොවක් වසඟ කල සුපිරි පන්දු යවන්නායැයි කීවොත් පුදුම වනු නිසැකය.

එවකට නෙළුව මහා විද්‍යාලය හා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය අතර තරඟය විනිශ්චය භාර වන්නේ අදටත් මහින්දීයන් ආදරය කරන කීර්ති ධර්මප්‍රිය මහතාටයි.

Malinga

එදින තරඟයේදී ඔහු ඇස ගැටෙන මේ විශේෂ පන්දු යවන්නා වයිඩ් පන්දු බොහෝමයක් යවමින් පන්දු දාහතරක් යොමු කොට ඉන් පන්දු හයක් සාර්තක කරගනිමින් සිය පන්දුවාරය සපුරාගන්නේ ඒ තරඟයේ කඬුලු හයක්ද තමා සතු කරගනිමින්.ඒ අන් කවරෙකුත් නොව ලසිත් මාලිංගයි.

නමුත් ඔහුගේ පන්දු යැවීමේ විලාසයේ සුවිශේෂී බව හදුනා ගත් ධර්මප්‍රිය මහතා ඔහුට මහින්දය හා එක්වන ලෙස පසු කලෙක කල ආරාධනය ඔහු ඉත සිතින් භාර ගෙන ඇත.ඒ පියවර මාලිංග මේ ගමන් ඔසවා තැබූවා නොවේනම් සමහරවිට ඒ යැවූ පන්දු යැවීම තුල මාලිංග යන නමක්වත් අපට අසන්නට නොතබාම ඔහු අදක්ශයෙකු ලෙස හංවඩු ගැසී ක්‍රිකට් ලොවේ සැඟවයන්නට ඉඩ නොතිබුණා නොවේ.

ඒ යුතුකම කළගුණ හොඳින් දන්නා නිසාම 2014 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව ඔහුගේ පලමු දුරකත ඇමතුම ගන්නේ කීර්ති ධර්මප්‍රිය මහතාටයි.ඒ කලගුණ දත් මාලිංගය.

Malinga

මාලිංග මහින්දයෙන් පිටවන්නේ 2001වසරේ හොඳම පන්දු යවන්නා යන නාමය දෝතින් ගෙනය.කෙසේ වෙතත් අහම්බෙන් හෝ 2014 විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රාහී නායකත්වය උසුලන මාලිංගට ඉන්දියාව ප්‍රමුඛ ලෝ පුරා රටවලින් ලැබෙන දේව සැලකිලි ලංකාවෙනුත් ලැබුනානම් මාලිංග 2019 ලෝක කුසලානයෙන් සමුගන්නේ මේ දුක් බර සමුගැනීම සමඟ නොවන්නට තිබුණි.

දහසකුත් බාධා කැපිලි කෙටිලි මැද කඩුල්ල වසඟයට ගත් මාලිංග විටෙක ලංකාවට “සල්ලිවලට ක්‍රිකට් ගහන එකා” ඌවාට මාලිංග ලෝකයට ෆැශන් එකකි.ලෝ පුරා ක්‍රිකට් කණ්ඩායම් සියල්ලම පාහේ යටි හිතින් මාලිංග අපේ උනානම් යැයි පැතූ එක් වතාවක් හෝ නොවුනානම් එය පුදුමයකි.

“සෙපරමාදු ලසිත් මාලිංග” ඔහු එදා සිය හැකියාවෙන් මහින්දය බැබලවූවා විනා මහින්දය නමින් ඔහු බැබලෙන්නට නොසිතුවා සේම මාලිංග නාමයෙන් ලංකාව බැබලවීය.නමුත් සමහර කාලවකවානුවල මාලිංග නිසා ක්‍රිකට් බැලූ මාලිංග නිසා පමණක් ලංකා කණ්ඩායම බැබලුන අවස්තාද නැතුවා නොවේ.

Malinga

සැබවින්ම “මාලිංග” යනු ලෝක ඉතිහාසයේ නොමැකෙන ක්‍රිකට් සන්නාමයකි.මාලි ලෝකෙට සදාකල් “බ්‍රෑන්ඩ් එකක්” යැයි කීවානම් හරියටම හරිය.මාලිංගගේ දස්කම් කඬුලු ලබා ගැනීම් පිටුවකට ගොනු කරනු නොහැකිය.ලංකාවේ පමණක් නොව ලෝකයේ ජේශ්ඨ කනිශ්ට සෑම ක්‍රීඩකයෙකු සමඟ මනාව කටයුතු කල ඔහු අද සිය ලෝක කුසලාන ක්‍රිකට් පොත දෙස බලා සුපුරුදු සිනාවෙන් නික්මිනි.

රත්ගම වැල්ලේ ටෙනිස් බෝල ගැසූ මාලිංගවිටෙකපන්දුයවන්නෙක්,නායකයෙක්,දිරිගන්වන්නෙක්, පුහුණුකරුවෙක්,උනන්දුවෙක් සේම හොද පිතිකරුවෙක් බව කිවමනාය. මොරටුව වෙල්ස් කුමරය හා පාසල් අවධියේ පැවති තරඟයකදී ගාලු පාරේ ගිය කාරයකට හා බස් රථයකට හයේ පහර දෙකකින් වග කිවූ ඔහු මැතිව්ස් සමඟ එක්ව එදා මෙල්බන් නුවරදී ඕස්ට්‍රේලියාවට පිත්තෙන් වග කියූ සැටි ක්‍රිකට් උණ කාරයන්ටනම් අමතක නොවේ.

Author – සසිඳු කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here