ඔබෙත් හරි හරියට තොල් කළු වෙනවාද.. මොන දේ කලත් වැඩක් වුනේ නැද්ද..

    0
    115
    black-lip-treetmet

    දෙතොල් පැහැපත් බව තිබෙනවා නම් ඔබේ තොල් පෙතිවල නැගෙන සිනහව මොනතරම් ලස්සනද.. ඒත් , ඔබේ දෙතොල වේලිලා, ඉතා කළු වෙලා , දුර්වර්ණ පැල්ලම් ඇවිත් තිබුණොත් එය ඔබේ මුහුණට අව ලස්සන බවක් ගෙන දෙයි. මේ නිසාම ප්‍රතිකාර ගන්න ගොඩක් ය සිටිනවා . අද අපේ කාන්තාවන් වැඩිදෙනකුට තියෙන ප්‍රශ්නයක් තමයි තොල් කළුවෙලා මුහුණ කැතවෙන එක. මේ අය කියන්නේ තොල් කළු වෙනවාට ලිප් බාම් ගෑවත් ප්‍රතිකාර කළත් වැඩක් වුණේ නැති බවයි.

    ඇයි ඔයාලගේ තොල් කළු වෙන්නේ.. මේ ගැන විමසා බැලීමේදී එයට හේතූන් කීපයක්ම දක්වන්න පුළුවන්. මවුපියන්ගේ ජානවලින් තොල් කළුවීම සිදුවෙනවා. සමහරුන්ගේ උත්පත්තියෙන්ම තොල්වල කළු පැහැයක් දක්නට ලැබෙනවා. එයාලගේ මෙලනින් වර්ණ දේහය තොල්වල වැඩියෙන් නිෂ්පාදනය වෙනවා. එහිදී සියයට සීයක්  ක් තොල්වල වර්ණය වෙනස් කිරීම ඉතා අපහසුයි.

    පරිසරයේ වෙනස් කම් නිසා සිදුවන කළු වීම. තමන් ජීවත්වන පරිසරයේ වෙනස්කම් නිසාත් තොල්වල කළු සහ අව පැහැයක් ඇතිවිය හැකියි. ඔබ නිතර උණුවෙන් තේ කෝපි,වෙනත් බීම වර්ග පානය කරන අයෙක් නම් ඔබේ තොල්වල වර්ණය වෙනස් වීමට පුළුවන්.

    ඉතා බාල වර්ගයේ ලිප් ස්ටික් භාවිතය ඔබත් කරනවා වෙන්න පුළුවන්… බොහෝ කාන්තාවන් පටියකට හෝ ගමන් බිමන්වලදී හෝ තොල් හැඩකර ගන්නට ලිප්ස්ටික් වර්ග අනිවාර්යෙන් භාවිත කරනවා. මෙම ලිප්ස්ටික් වර්ග මිලෙන් අඩු බාල වර්ගයේ ඒවා නම් එහි අඩංගු සමට අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා ඉතා පහසුවෙන්ම තොල් කළු වීම සිදුවිය හැකියි. මේ නිසා ඔබ නිතර නිතර තොල් ආලේපන පාවිච්චි කරන අයකු නම් මිලෙන් වැඩි වුවත් හොඳ ගුනත්මක තත්ත්වයේ සහ හොද නමක් ඇති ලිප්ස්ටික් තෝරා ගන්නට වගබලාගන්න..

    විවිධ ලෙඩ රෝග නිසාද ඔබේ තොල් අවපහ ගැන්වීමට පුළුවන්. ඇතැම් විට ශරීරයේ පවතින යම් යම් ලෙඩ රෝග නිසාත් තොල් කළුවීමට හැකියාවක් තිබෙනවා. තොල් කළුවීම කෙරෙහි බලපාන අනෙක් කරුණ නම් අදික ලෙස හෝ  දුම් මත්පැන් පානයයි.මෙයින් ඔබ වැලකි සිටිනවානම් මෙය නැතිකරගන්නට හරි පහසුයි.

    ඉහතින් දැක් වූ හේතූන් එක් එක් අයට වෙනස් වන්නට පුළුවන්. එම නිසා මෙයට පිළියම් යෙදීමේදී එම හේතූන් මොනවද කියා සොයා බැලිය යුතුය. තොල් කළු වීමේ තත්ත්වයට කෙතරම් ප්‍රතිකාර කළත් එහි වෙනසක් සිදු නොවන බවයි බොහෝ දෙනෙක් අපහට පවසන්නේ.

    ඊස්තටික් මෙඩිසින් ක්‍රමයේ දී මේ සඳහා සිදු කෙරෙන විශේෂ ප්‍රතිකාර තිබෙනවාද යන්න බොහෝ දෙනාගේ ප්‍රශ්නයයි ඔව් තිබෙනවා, තොල් කළුවීම මඟ හැරවිය හැකි ප්‍රතිකර්ම තිබෙනවා. ඊස්තටික් මෙඩිසින් වලදී මුලින්ම අප කරන්නේ තොල් කළුවීම කෙරෙහි බලපා ඇති හේතුව සොයා ගැන්මයි. ඉන්පසුව ශරීරය තුළට ප්‍රති ඔක්සිකාරක ලබාදෙනවා. ඒ වගේම මෙයට හේතුව යම් යම් ලෙඩ රෝගවල බලපෑමක් නම් මෙහිදී ඒ සඳහා ද ප්‍රතිකාර සිදු කරන අතරම සැමවිටම රෝග සඳහා අදාළ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලබනවා. තොල්වල සම ඉතාමත්ම සිනිදුයි, සංවේදියි. තොල්වල මෙලනින් වර්ණක අඩු කළ හැකි සහ දුර්වර්ණ බව අඩුකළ හැකි ඖෂධ සංයෝග මෙහිදී ආලේප කරන්නට ලබා දෙනවා. ඊට අමතරව ඊස්තටික් මෙඩිසින් සම්බන්ධ වෛද්‍යවරුන් තොල් වල අවපැහැය අඩු කරන ප්‍රතිකර්ම මෙහිදී සිදු කරනු ලබනවා.

    තවද ඔබ අනිවාර්යෙන්ම මෙම කරුණ ගැන ඉතාමත් සලකිලිවන්න. වැදගත්ම දේ වඩාත් හොඳ ඖෂධීය ලිප් බාම් වර්ගයක් පාවිච්චි කිරීමයි. එමෙන්ම තොල්වල වියළි බව වළක්වා තොල් ආරක්ෂාකර ගැනීමට නිතරම මොයිස්ච රයිසින් ලිප් බාම් වර්ගයක් ඔබේ තොල් මත ගැල්වීම ද වඩාත් සුදුසුයි. ලිප් බාම් එකක් භාවිත කරනවා නම් පී එජ් අගය 15ත  වැඩි ලිප් බාම් එකක් භාවිත කරන්න. ඉර අව්වටත් අපේ මුහුණ මෙන්ම තොල් ද කළු වීමක් සිදුවනවා. නමුත් වැඩි දෙනෙක් මේ ගැන ගණන් ගන්නේ නැ. ඔවුන් ඉර අව්වෙන් සම ආරක්ෂාකර ගන්න උනන්දු වුණත් තමන්ගේ තොල් වලට ඉර අව්වෙන් වන හානිය වළක්වා ගැනීම කෙරෙහි සැලකිලිමත් වන්නේ නෑ. එය වැරැදියි පුරුද්දක්. ඔබ සම ආරක්ෂාකර ගැනීමට හිරු ආවරණ ආලේපන භාවිත කරනවා නම් අනිවාර්යයෙන්ම තොල්වලටත් පී එජ්  අගය 15 ට වැඩි ලිප්ස්ටික් එකක් භාවිත කිරීම ඉතාමත වැදගත්.ඔබ අවබෝධයෙන් මෙය කියෙවූවානම් ඔබ ඔබගැන සැලකිලිමත්ව කටයුතු කරනවා නම් තොල් කළුවීම වළක්වා ගනිමින් එහි පැහැපත් බව රැකගන්නට ඔබටත් හැකිවේවි.ඔයාගේ යාලුවන්ටත් බලන්න ෂෙය කරගෙනම යන්න..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here